“ජනාධිපතිතුමා පොලිස්පති නම් කිරීම ඉදිරි පැය කිහිපය ඇතුළත සිදු කරාවි,” යැයි අගමැති දිනේෂ් ගුණවර්ධන පැවසීය.
පොලිස්පති විශ්‍රාම ගිය පසු පොලිස්පතිතුමාට සේවා දිගුවක් ලබා දුන් අතර ඒ දිගු කිරීම හමාර වීම නිසා පොලිස්පති ධූරය පිළිබඳ ජනාධිපතිවරයා තීරණය දැනුම් දීම සිදු කරනු ඇතැයි ද අගමැතිවරයා සඳහන් කළේ ය.
ජනාධිපතිවරයාට තිබෙන බලතල අනුව ඔහු පොලිස්පතිවරයා නම් කරනු ඇතැයි ද දිස්ත්‍රික් භාර නිලධාරීන් විසින් ආරක්‍ෂක කටයුතු සිදුකරනු ලබන බව ද දිනේෂ් ගුණවර්ධන පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පාර්ලිමේන්තුවේදී නගන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා එසේ කීය.


