තම බිරිඳව පිරිසක් සමඟ විත් පැහැරගෙය යාමට තැත් කළ ඉංජිනේරුවෙකු අත්අඩංගුවට…

තමාව ඉංජිනේරුවෙකු ලෙස හදුන්වාදුන් පුද්ගලයෙකු තරුණියක් පැහැරගෙන යාමට තැත් කර, පොතුහැර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ තරුණිය ඉංජිනේරුවා සමග විවාහ සිට ඇති අතර, පසුව ඔහු සමඟ ජීවත්වීමට නොහැකි බව පවසා අධිකරණයේ පිහිට පතා ඇති බව පොලිසිය පවසයි.

දිගින් දිගටම ඇය සමග ආරවුල් ඇතිකරගෙන තිබෙන මෙම පුද්ගලයා අවස්ථා දෙකකදීම කාන්තාව වාසය කරන නිවසට පැමිණ ඇයට තියුණු ආයුධවලින් පහර දී පහරදී බරපතළ තුවාල සිදුකර නිවෙසටද හානිකර ඇති බව පොලිසිය පවසයි.

එම සිදුවීම් වලට අදාළව ඔහු බන්ධනාගාරගතව සිට නැවතත් නිදහස්ව පැමිණ මෙලෙස තරුණිය පැහැරගෙන යෑමට සූදානම් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කරයි.

එලෙස තරුණිය පැහැරගෙන යෑමට ඔහු සමඟ වෑන් රථයක පැමිණි පැමිණි 10දෙනෙකුට වැඩි පිරිසක් පළාගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොතුහැර පොලිසිය විමර්ශන පවත්වයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *