ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට ලෝක බැංකුව අනුමැතිය ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මාර්තු මාසයේදී ලබාදුන් ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකමේ පළමු වාරිකයෙන් අනතුරුව ලැබෙන විශාලතම මූල්‍ය සහනය මෙය බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
අදාළ මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 500ක් අයවැය සඳහා සහාය දීමටත් අමෙරිකානු ඩොලර් මිලියන 200ක් සමාජ ආරක්ෂණ කටයුතු සඳහා ද වෙන්කර තිබෙනවා.


