ඇරැව්වල පැලැන්වත්ත ප්රදේශයේ රැකියාවට ගොස් නිවස බලා එමින් සිටියදී වයස 19 ක කාන්තාවකට ඊයේ සවස මන්න ප්රහාරයක් එල්ල කල පුද්ගලයෙක් දුරකථන සංඥා කුළුනකට නැග තිබෙනවා. ඔහු එම දුරකථන සංඥා කුලුනේ මුරකරු ලෙස සේවය කරන පුද්ගලයෙක්. අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා සමග තිබු ආරවුලක් හේතුවෙන් මේ ප්රහාරය එල්ල කර තිබෙනවා.
ප්රහාරය එල්ල කල පුද්ගලයා දුරකථන සංඥා කුළුණට නැග සිටියෙදී දැඩි පරිශ්රමයක් දරා පිලියන්දල පොලිසිය විසින් අත් අඩංගුවට ගෙනතියනවා.
පහර කෑමට ලක්වුනු කාන්තාව හිසේතුවාල සහිතව හෝමාගම රොහල්ලට ඇතුලත් කිරිමෙන් අනතුරුව කොලබ ජාතික රොහලට මාරුකර යවා තිබෙනවා. මේ සිද්ධිය සම්බන්ද වැඩිදුර පරීක්ෂණ පිලියන්දල පොලිසිය විසින් සිදුකරනවා.


