ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ එක්ව දැවැන්තම සන්ධානය මීළඟ ජනාධිපතිවරණය සඳහා ගොඩනැගිය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ නාවලපිටියේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බල මණ්ඩල රැස්වීමක් අමතමින්.
වැඩිදුරටත් අදහස් දැක්වූ කංචන විජේසේකර අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කකුලෙන් ඇදීමෙන් රට ආපස්සට ගමන් කරනු ඇති බවයි.


