TNPF නායක ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට…

දෙමළ ජාතික ජනතා පෙරමුණේ (TNPF) නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් කොළඹ 03 පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.


යාපනයේ, නැගෙනහිර වඩමාරච්චි ප්‍රදේශයේ ජන හමුවක් අතරතුර ඇති වු ආරවුලක් සම්බන්ධයෙන් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ, ජයපුරම් පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක ප්‍රමුඛ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (07) උදැසන 6.30 ට පමණය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම්ට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්දූව පැවසුවේ කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට ජුනි 06 වැනිදා කරුණුවාර්තා කිරීමෙන් අනතුරුව ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ලබා ගත් බවයි.

ඒ, මෙම ආරවුල තවදුරටත් දිග්ගැස්සෙමින් තිබියදීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වහාම පොලිසිය වෙත ප්‍රකාශයක් ලබා දෙන ලෙස මන්ත්‍රීවරයාට දැනුම් දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඊයේ පැවසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ට්විටර් සටහනක් තබමින් සඳහන් කළේ තම කොළඹ නිවසට පැමිණි කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීන් සිංහල බසින් ලියන ලද ලියවිල්ලක් තමන් වෙත දුන් බවය.

තමාට සිංහල බස ලිවීමට හෝ කියවීමට නොහැකි බැවින් එය ප්‍රතික්ෂප කළ බවද මන්ත්‍රීවරයා සඳහන් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *