සංචාරක ඇෆ්ගනිස්තාන හා ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ ජය ලංකාවට…

සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති එක්දින තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

දෙරට අතර පැවති එක්දින තරගාවලියේ තෙවන හා අවසන් එක්දින තරගය අද (07) පැවැත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමට පන්දුවාර 22 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 116 ක් පමණයි.

පන්දුවට පහරදීමේදී ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවෙන් Mohammad Nabi ලකුණු 23 ක් හා Ibrahim Zadran ලකුණු 22 ක් ලබා ගත්තා

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 4 ක් හා වනිඳු හසරංග කඩුලු 3 ක් හා ළහිරු කුමාර කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 16 ක් අවසානයේ එක් කඩුලක් දැවී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 51 ක් හා දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 56 ක් හා කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 11 ලබා ගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *