ඩයනාගේ මන්ත්‍රී ධූරය ගැන පෙත්සම අද විභාගයට…

රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පාර්ලිමේන්තු ධුරය අභියෝගයට ලක්කරමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබූ පෙත්සමට අදාළ තීන්දුව අද (06) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරියට බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි බැවින් ඇයගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන රීට් ආඥාවක් නිකුත් කරන ලෙස සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඖෂල හේරත් විසින් අදාළ පෙත්සම ගොනුකර තිබුණා.

මෙම රීට් පෙත්සම නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ එන්. ඒ. ආර්. මරික්කාර් යන අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ විභාගයට ගැනුණු අතර තීන්දුව ප්‍රකාශයට පත්කිරීම අද දිනය දක්වා කල් තබා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *