බන්ධනාගාර ගතව සිටින සිරකරුවන් පිරිසක් වෙත පොසොන් පොහොයට සමගාමීව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව එම සමාව ලබාදිමට නියමිත බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව නියමයන් සහ කොන්දේසි කිහිපයක් මත සිරකරුවන් සඳහා එම විශේෂ සමාව ලබාදීමට නියමිත අතර දඩ මුදල් නොගෙවීම මත බන්ධනාගාර ගතව සිරදඬුවම් විඳින සිරකරුවන් ඇතුළු පිරිසකට මෙලෙස විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට නියමිතයි.


