“ඉන්ධන හිඟයක් ගැන කලබල විය යුතු නැහැ” -කංචන විජේසේකර

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ලංකා IOC සමාගම් සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග ඇති බැවින් ඉන්ධන හිඟයක් පිළිබඳ​ව කලබල නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඉන්ධන මිල අඩුවීමක් අපේක්ෂාවෙන් ඉන්ධන පිරවුම්හල් හිමියන් විසින් ඇනවුම් ලබානොදීම නිසා පවතින තත්ත්වය මතුව ඇති බවයි Twitter පණිවිඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අවම තොග පවත්වා ගෙන නොගිය ඉන්ධන පිරවුම්හල්වල බලපත්‍රය සමාලෝචනය කර අත්හිටුවන ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉල්ලා සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *