අනුරාධපුර තඹුත්තේගම ප්‍රසිද්ධ පාසලක ගුරුවරයෙක් විසින් 14 හැවිරිදි එම පාසලේ සිසුවියකට වට්ස්ඇප් හරහා අසභ්‍ය දර්ශන හා පණිවිඩ යවා තිබෙනවා. එම ගුරුවරයා පෙරේදා (30) තඹුත්තේගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම සිසුවියගේ දෙමාපියන් විසින් පරිවාස කාර්යාලය වෙත කළ පැමිණිල්ලකින් අනතුරුව පොලීසිය විසින් එම ගුරුවරයාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
44 හැවිරිදි තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචි එම ගුරුවරයාව ඊයේ (31) තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණ.


