ඉතාලියේ සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රිඩා තරගාවලියේදී යුපුන්ට දෙවන තැන….

ඉතාලියේ පැවැත්වෙන සැවෝනා අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීමේ මළල ක්‍රිඩා තරගාවලියේ මීටර් 100 ඉසව්ව නියෝජනය කළ ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශුර යුපුන් ⁣අ⁣බේකෝන්ට එහි දෙවන ස්ථානය හිමිවිය.

ඒ සදහා යුපුන් වාර්තා කළ කාලය තත්පර 10 දශම 01කි.

තරගයේ පළමු ස්ථානය බ්‍රිතාන්‍ය සහ තුන්වන ස්ථානය අයිවරි කෝස්ට් රාජ්‍යයේ ක්‍රිඩකයන්ට හිමිවිය.

යුපුන් අබේකෝන් ලබන මස 02 වැනිදා ඉතාලියේ ෆ්ලොරස්න්ඩ් ඩයමන්ඩ් ලීග් ලෝක ශූරතාවය සදහාද ක්‍රිඩා කරනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *