අද (24) දින සිට ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ 06ක මිල පහත දමා ඇති බව එම සමාගම නිවේදනය කරනවා.
ඒ අනුව කිරිපිටි,වියළි මිරිස්, රතු පරිප්පු, සෝයා මීට් (තොග), ලොකු ලූනු, සුදු සීනි මිල පහත දමා ඇති බවයි සඳහන් වන්නේ.
අඩු කළ මිල ගණන් සහ නව මිල පහතින්.
- කිරිපිටි (ලංකා සතොස) 400g – නව මිල රු.1030 – අඩු කළ මිල රු 50.00
- වියළි මිරිස් 1 KG – නව මිල රු.1350- අඩු කළ මිල රු.45.00
- රතු පරිප්පු 1KG – නව මිල රු.325 – අඩු කළ මිල රු.10
- සෝයා මීට් (තොග) 1KG – කව මිල රු.660- අඩු කළ මිල රු.10.00
- ලොකු ලූනු 1KG – නව මිල රු.129- අඩු කළ මිල රු.6.00
- සුදු සීනි 1KG – නව මිල රු.239-අඩු කළ මිල රු.4.00


