ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සියලුදෙනාට අපහසුතාවයකින් තොරව අවශ්ය සේවාව ලබාදීමට මේවන විට කටයුතු යොදා ඇති බව ආගමන විගමන පාලක ජනරාල්, හර්ෂ ඉලුක්පිටිය පවසනවා.
ඒ අනුව පසුගිය සතියේ පැවති තදබදය මේ වන විට පහව ගොස් ඇති බවයි ඊයේ (22) පැවති මාධ්ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ.
එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවට සේවාවන් ලබාගැනීමට පැමිණෙන ජනතාව කිසිදු අවස්ථාවක තැරැව්කරුවන්ට හසුවීමෙන් වළකින ලෙසයි ඔහු වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ.


