සා.පෙළ උපකාරක පන්ති හෙට මධ්‍යම රාත්‍රියෙන් පසු තහනම් !

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති පැවැත්වීම හෙට (23) මධ්‍යම රාත්‍රී 12.00 සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු පැවැත්වීම තහනම් වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය එළඹෙන මැයි 29 සිට ජුනි 08 වනදා දක්වා දිවයින පුරා විභාග මධ‍්‍යස්ථාන 3,568කදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *