තිලිණි ප්‍රියමාලිට දිගින් දිගටම මරණ තර්ජන…

මුල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලැබ සිටින ප්‍රකට ව්‍යාපාරිකා තිලිණි ප්‍රියමාලිට දිගින් දිගටම මරණ තර්ජන එල්ල වී ඇතැයි වාර්තාවේ.

ඇය ඒ සම්බන්ධයෙන් වත්තල පොලිසිය වෙත ඊයේ (20) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණ.

එම පැමිණිල්ල ගොනුකර ඇත්තේ, නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු තම නිවස අසල රැඳී සිටිමින් සැකකටයුතු ලෙස හැසිරීම සම්බන්ධයෙනි.

මිට ඉහතදී ද ඇය මෙවැනිම සැකකටයුතු සිද්ධියකට මුහුණදී ඇති අතර ඒ සම්බන්ධයෙන් පසුගිය අප්‍රේල් 10 වෙනිදා වත්තල පොලිසියට පැමිණිලි කර තිබුන ද පොලිසිය මේ දක්වා කිසිදු විමර්ශනයක් කර නොමැති බව ද වාර්තා වේ.

තිලිණි ප්‍රියමාලි සමග ගනුදෙනු කළ දෙතුන් දෙනෙකු ඇයට එරෙහිව මේ වනවිට අධිකරණය හමුවේ නඩු පවරා ඇති අතර ඇතැමුන් දිගින් දිගටම සිය මුදල් ඉල්ලමින් තර්ජනය කරමින් සිටින බව පැවසේ.

එම තර්ජන හමුවේ ඇයගේ දියණියට පාසල් අධ්‍යාපනය පවා අහිමි වී ඇතැයි වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *