අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය ස්ථානාධිපතිවරුන් වැඩ වර්ජනයක…

අද (09) මධ්‍යම රාත්‍රීයේ සිට පැය 24 ක සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් තීරණය කර තිබෙනවා.

දූෂිත චෝදනා ලබා සිටින චන්ද්‍රසේන බංඩාර වාණිජ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ ) තනතුර පිරිනැමීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සියලුම සේවා වාර වලින් ඉවත් වීමට තීරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *