දිස්ත්‍රික්ක 05කට නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම්!

පවතින අධික  වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය හමුවේ, දිස්ත්‍රික්ක 05ක් සඳහා 
නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කළ අනතුරු ඇඟවීමේ නිවේදනයට අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයට සහ ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම,නාගොඩ, ඇල්පිටිය සහ යක්කලමුල්ල ප්‍රදේශ සඳහා මෙලෙස අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

මේ අතර කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, රඹුක්කන, දැරණියගල, මාවනැල්ල, කෑගල්ල සහ ගලිගමුව ප්‍රදේශ සඳහා ද නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ

කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් රිදීගම මාවතගම අලව්ව සහ පොල්ගහවෙළ ප්‍රදේශවලටත් මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොළ ප්‍රදේශවලටත් නාය යෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *