විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනපති සමඟ සාකච්ඡාවකට දිනයක් අපේක්ෂාවෙන්…

ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාව සඳහා අද (02) දිනය තුළ දිනයක් ලැබෙනු ඇති බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසනවා.

ඒ අනුව එම රැස්වීම සම්බන්ධයෙන් අද දිනය තුළ දිනයක් ලබාදෙන බවට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් දැනුම්දීමක් සිදුකර ඇති බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ සඳහන් කළේ.

එම සාකච්ඡාවෙන් අනතුරුව අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම් සඳහා සහභාගී වීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *