කම්කරු දිනය නිමිත්තෙන් හෙට (මැයි 1) දිනයෙදී කොළඹ නගරයේ පැවැත්වෙන මැයි දින පෙළපාලි සඳහා පොලිස් නිලධාරීන් 3,500කට ආසන්න සංඛ්‍යාවක් රාජකාරී වෙනුවෙන් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, මැයි රැලි පැවැත් වීම සඳහා විවිධ දේශපාලන පක්ෂ වෘත්තිය සමිති සංවිධාන කටයුතු සිදු කරමින් පවතින බව ය.
ඒ පිළිබඳව පොලසිය සමග සම්බන්ධීකරණය වෙමින් මේ වන විට කටයුතු සිදු කරන බව තල්දූව මහතා කියා සිටියේ ය.
පොලිසිය සහ සංවිධායකවරුන් පැවැත්වූ සාකච්ඡාවේදී සාවිධායකවරුන් එකඟ වූ පරිදි පෙළපාළි ගමන් කිරීමේදී එක් මං තීරුවක ගමන් කිරීමට ඒකඟතාව පළ කර පරිදි ඒ අනුව කටයුතු කරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ඉල්ලීමක් කර ඇත.


