ප්‍රහාරයක් එල්ල වන බවට ව්‍යාජ ඇමතුමක් ලබා දුන් පුද්ගලයා අත්අඩංගුවට

අකුරණ ඉස්ලාම් පල්ලි සඳහා ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පසුගියදා 118 හදිසි ඇමතුම් අංකයට ව්‍යාජ ඇමතුමක් ලබාදුන් පුද්ගලයා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර – හාරිස්පත්තුව ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාතමේන්තුවේ නිලධාරින් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන බවයි සඳහන් වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *