“උසස් පෙළ පිළිතුරුපත් ඇගයීම කඩිනම් කරනවා” ජනපති කියයි

පාසල් සිසුන් විවිධ කණ්ඩායම්වල ප්‍රාණ ඇපකරුවන් බවට පත්කර ගැනීමට කිසිසේත් ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර තිබෙනවා.

ඒ අනුව උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම් සම්බන්ධයෙන් මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන ලෙස එහිදී ජනාධිපතිවරයා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශවල 2023 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද විශේෂ අයවැය යෝජනාවල ප්‍රගතිය සමාලෝචනය වෙනුවෙන් ඊයේ (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

භාග කටයුතු හදිසි සේවාවක් ලෙස පවත්වාගෙන යාමට අවශ්‍ය නිති සම්පාදනය කිරීමට ද අපේක්ෂා කරන බවයි එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තබෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *