මැදගම පොලිස් වසමේ කොටබෝව ප්‍රදේශයේ ළිඳක් තුළ පිරිමි මළ සිරුරක් සොයා ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ, මේ පිළිබඳව 119 මධ්‍යස්ථානයෙන් ලැබුණු පණිවිඩයකට අනුව මැදගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇති බව ය.
මරණකරු අලුත්වල, කොටබෝව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 55ක පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පැවසීය.
අප්‍රේල් 15 වන දින සිට මෙම පුද්ගලයා අතුරුදන් බවට ඔහුගේ පුතා විසින් පෙරේදා (අප්‍රේල් 17) දිනයේදී මැදගම පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් සිදු කරනු ලැබ ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මැදගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.


