“මහින්ද රාජපක්ෂ හැර වෙන විකල්පයක් නැහැ” – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයා ලෙස වර්තමාන නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ කටයුතු කරන බවත්, මහින්ද රාජපක්‍ක්‍ෂට විකල්ප නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් ඊයේ (17) පැවසීය.

තම පක්‍ෂයේ සදාරණීය නායකයා මහින්ද රාජපක්‍ෂ  බව කී මහ ලේකම්වරයා, ශ්‍රී ලංකාවේ වැඩි සංවර්ධනයක් කළ, වැඩිම මහජන ගෞරවයට පත්වූ මෙන්ම නිදහසෙන් පසුව රටට වැඩි සේවයක් කළ නායකයා මහින්ද රාජපක්‍ෂ බව ද සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මීට පෙර මාධ්‍ය හමුවේදී අදහස් කළේ නායකත්වයේ වෙනසක් නොව නව මෙහෙයුම් ක්‍රියාවලියක් පිළිබඳව බව ද කාරියවසම් වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *