ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ පවසයි.
අමාත්‍යවරයා කියා සිටියේ, පසුගිය 4 වැනි දා එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ නමුත් පාර්ශ්ව රැසකින් ඉදිරිපත් වූ ඉල්ලීම් සලකා බලා ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් දැමීමට තීරණය කළ බවයි.
කෙසේ වෙතත් ලබන 25 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා ඒම පනත් කෙටුම්පත න්‍යාය පත්‍රයට ඇතුළත් කරන්නැයි තමන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසීය.
අමාත්‍යවරයා පැවසුවේ, මීට අමතරව වින්ධිතයින් සහ සාක්ෂකරුවන් ආරක්ෂා කිරීමේ නව පනත් කෙටුම්පතක් ද ලබන 25 වැනි දායින ආරම්භ වන පාර්ලිමේන්තු සතිය තුළ ඉදිරිපත් කිරීමට දැනට සැලසුම් කර ඇති බවයි.
දුෂණ මර්දන පනත් කෙටුම්පත මැයි මාසයේ පළමු පාර්ලිමේන්තු සතියේදී ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇතැයි අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කළේ ය.


