ඉංජිනේරුවරයා අභිරහස් ලෙස මිය යයි

මඩකලපුව රෝහලේ වෛද්‍යවරියගේ ඉංජිනේරු සැමියා නිවස තුළ  අබිරහස් අයුරින්  මියගොස් සිටියදී අද දහවල් හමුවූ බව කහතුඩුව පොලිසිය කියයි

මෙලෙස මියගොස් ඇත්තේ  පොල්ගස්ඕවිට ජයලියගම   සියඹලාගොඩ පදිංචිව සිටි    පි ඒ   පුෂ්පකුමාර නිශ්ශංක 58 යන අයයි

යාබද නිවසේ පුද්ගලයා  ඉංජිනේරුවරයාගේ නිවසින් කිසිදු ශබ්දයක් නොවීම හේතුවෙන්  තවත් පුද්ගලයකු සමඟ පැමිණ නිවසේ දොර ජනේල වලට ගසා ප්‍රතිචාරයක් නොවූ හෙයින්  නිවසේ ජනෙලය  විවෘත කරගෙන ඇතුළු වී  කාමරය පරීක්ෂාකර  අනතුරුව සාලය වෙත පැමිණ බැලීමේදී ඉංජිනේරුවරයාට නිවසේ  සාලයේ හාන්සි පුටුවක් අසල  මුනින් අතට ලේ විලක් මැද මැරී වැටී සිටින අයුරු දැක තිබූ බව පොලිසිය කියයි

එම පුද්ගලයා කහතුඩුව පොලිසියට කරන ලද දැනුම් දැනුම්දීමක් අනුව  පොලිස් නිලධාරීන්ට එම නිවස වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කෙරිණි

ඉංජිනේරුවරයා පමණක් නිවසේ තනිවම සිට ඇති අතර  ඔහුගේ බිරිඳ මඩකලපුව ප්‍රදේශයේ  රෝහලක සේවය කරන බවට පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත

ඉංජිනේරුවරයාගේ මරණය  ඝාතනයක්ද ? සියදිවි නසා ගැනීමක්ද?  එසේත් නොමැති නම් සාමාන්‍ය මරණයක් ද ? යන්න පැති කීපයක් ඔස්සේ ඔස්සේ පරීක්ෂණ  ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය

ගල්කිස්ස අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වූහ

ගල්කිස්ස කොට්ඨාස අපරාධ  අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ගමගේ නිලන්ත මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් පැමිණ පරීක්ෂණ පැවැත් වූහ 

මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට ද නියමිත ය

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරී ජනක පුෂ්පකුමාර මහතාගේ උපදෙස් මත  කහතුඩුව පොලිසිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක   ඒ එක් කේ ප්‍රියංකර  , අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච් එම් ඒ හේරත්  පොලිස් සැරයන් 41495  ලලිත් මහත්තුරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *