“එළැඹෙන 25 ඡන්දය තියන්න අමාරුයි” – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

පවතින තත්ත්වය හමුවේ එළැඹෙන 25 වන දා පළාත් පාලන මැතිවරණය පැවැත්විය නොහැකි බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, ඉදිරියේදී මැතිවරණ කොමිෂන් සභාව සහ මුදල් අමාත්‍යංශය මේ පිළිබඳව සාකච්ඡාවක් පවත් වන බව ය.

මැතිවරණ කොමිසම අප්‍රේල් 25 වන දාට පෙර යම් කිසි ප්‍රකාශයක් සිදු කරනු ඇති බව ජානක වක්කුඹුර මහතා වැඩිදුරට ත් පැවසීය.

“මැතිවරණ කොමිසම ඉදිරියේදී මුදල් අමාත්‍යංශය සමග වෙන ම සාකච්ඡාවක් පවත්වයි. ඊට පස්සේ ඒ ගොල්ලෝ කියයි. කොහොමත් දැන් තියෙන තත්ත්වය අනුව අප්‍රේල් 25 වන දාට ඡන්දයක් තියන්න අමාරුයි. ඕන එක්කෙනෙකුට ඒක පේනවා, තැපැල් ඡන්දය තිබ්බේ නැති නිසා. එතුමන්ලා අප්‍රේල් 25ට ඉස්සෙල්ලා ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරයි මැතිවරණ කොමිසම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *