රට රැකියා දෙන බව පවසා මුහුණු පොතෙන් කළ වාංචාවක් එළි වෙයි.

කැනඩා හා ⁣රුමේනියා රැකියා සදහා යවන බවට පවසමින් මුහුණු පොතෙන් හදුනාගත් කිප දෙනකුට මුදල් වංචාකළ පුද්ගලයකු පිළිබඳව දොම්පේ පොලිසියට පැමිණිලි ලැබි ඇත.


කුසාන් හෙට්ටිආරච්චි නැමැති මෙම පුද්ගලයා තමන් අගමැති කාර්යාලයේ සේවය කරන බවත්, තවත් විටෙක ජනාධිපති කාර්යාලයේ සේවය කරන බවත් පවසමින් මෙම වංචාව කර ඇතැයි දැනගන්නට ඇත.
මොහු එලෙස තමන් අගමැති කාර්යාලයේ සේවය කරන බව පවසමින් මෑතකදි කඩුවෙල අධ්‍යාපන කාර්යාලයටද කතාකර විදුහල්පතිවරයකුගේ ස්ථාන මාරුවක් පිළිබඳව බලපෑම් කර ඇතැයි ද දැනගන්නට ඇත.
මොහු විදෙස් රැකියා සදහා යවන බව පවසමින් මුදල් ලබාගෙන මග හැර සිටින බවද දැනගන්නට ඇත.වංචාවට හසුවුවන් නැවත එම මුදල් ඉල්ලුවිට අගරු චෙක්පත් ලබාදෙමින් එම පිරිස් රවටන බවද ආරංචි මාර්ග පවසයි.


එම චෙක්පත් අගරු චෙක්පත් බව දැනගත් පසු නැවත මුදල් ඉල්ලුවිට තමන් අගමැති කාර්යාලයේ සේවය කරන ප්‍රධානියකු බැවින් හැකි දෙයක් කරන්නැයි එම රැවටිමට ලක්වුවන්ට පවසන බවද දැනගන්නට තිබේ.
මොහු නිතරම හඟවන්නේ ජනාධිපති අගමැති තමන්ගේ හිතවතුන් බව යැයිද වංචාවට හසුවුවකු පැවසිය.
මොහු රට යවනවායැයි පවසා රුපියල් 365,000ක මුදලක් ලබාගෙන පසුව අගරු චෙක්පතක්දිම ගැන 2023.02.02 දින දොම්පේ පොලිසියේ MOIB 02/19 යටතේ පුද්ගලයකු පැමිණිල්ලක් කර ඇත.
චෙක්පත් වංචාවට හසුවු අයට 2022.10.12 වන දින යළිත් මුදල් ලබාදෙන බව පවසා චෙක්පත මත මෙ⁣ම වංචාකරු අත්සන්ද තබා තිබේ.


එහෙත් මෙම වංචාකරුට එරෙහිව මෙතෙක් පියවර ගෙන නැති නිසා ඔහු සුපුරුදු ලෙස අහිංසකයන් රවටමින් සිටින බවද ආරංචි මාර්ග පවසයි.
මොහුගේ සොයුරෙකු රාජ්‍ය ඇමැතිවරියකගේ මාධ්‍ය ලේකම්වරයකු ලෙසද සේවය කරන බැවින් ඒ බලයද මොහු ආරුඪ කරගෙන ඇතැයිද දැනගන්නට තිබේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *