දිවයිනේ සියලු ඉන්ධනහල් වෙත සිදුකරන ඉන්ධන සැපයුම් ක්‍රියාවලිය මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඉල්ලීම් කිහිපයක් මත ඛනිජ තෙල් වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉන්ධන සැපයුම් ක්‍රියාවලියේ යම් ප්‍රමාදයන් සිදුව තිබූ බවයි සඳහන් වන්නේ.
මේ වනවිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා සේවකයින් බහුතරයක් වර්ජන ක්‍රියාමාර්ග නවතා සාමාන්‍ය පරිදි රාජකාරියේ නිරතව සිටින බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේ.


