වැලිගම, මිදිගම පොලිස් බල ප්රදේශයට අයත් මිදිගම ප්රදේශයේදී සිදු කළ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි හෝටල් කළමනාකරු අද (මාර්තු 30) අලුයම මියගොස් තිබේ.
ඒ, ඔහු මාතර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ය.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් ඊයේ (මාර්තු 29) රාත්රී සිදු කළ වෙඩි තැබීමකින් අදාළ හෝටල් කළමනාකරු තුවාල ලබා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබිණි.


