බැසිල්-සමන්ලාල් හබය මාධ්‍යට හෙලි කළ අය ගැන පරීක්ෂණයක්

පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු අතර ඇති වූ හබය මාධ්‍යයට ලබා දුන්නේ කවුරුන් ද යන්න පිළිබඳව පක්ෂයෙන් පරීක්ෂණ පවත්වන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා පැවසීය.

තම පක්ෂය තුළ ම කෙනෙකු යම් පවා දීමක් කර ඇති බවට මෙම සිද්ධිය ඔස්සේ පෙනෙන්නට තිබෙන බව ද එසේ යම් පාවා දීමක් සිදුව ඇත්නම් ඒ පිළිබඳව පක්ෂයේ පාලනාධිකාරිය ඔහු සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

මෙය පක්ෂයේ සාමාන්‍ය දෙයක් බව ද මත ගැටුම් ඔස්සේ හරි ම තීරණයකට එළැඹීමට හැකි යැයි ද තමා සහ බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයා මීට වඩා බහින් බස් වූ අවස්ථා පැවති බව ද සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *