දිස්ත්රික්ක 3ක් සඳහා නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්රික්කයේ, හල්දුමුල්ල ප්රාදේශීය ලේකම් කෝට්ඨාසයට සහ ගාල්ල දිස්ත්රික්කයේ ඇල්පිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයටත් අදියර 02කට අවධානාත්මක නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
මීට අමතරව ගාල්ල දිස්ත්රික්කයේ නාගොඩ සහ බද්දේගම ප්රාදේශීය ලේකම් කොට්ඨාසවලටත්, මාතලේ දිස්ත්රික්කයේ උකුවෙල, රත්තොට, විල්ගමුව සහ නාවුල යන ප්රාදේශීය ලේකම් කොට්ඨාස සඳහාත් අදියර 01ක යටතේ විමසිලිමත් වන ලෙසද නිවේදනය කර ඇති බවයි සඳහන් වන්නේ.


