මේ වසරේ ගත වූ මාස දෙකේ පමණක් හමුදාවෙන් 3500කට අධික පිරිසක් ඉවත් වෙලා

මෙම වසරේ ගත වූ මුල් මාස දෙක තුළ පමණක් ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් විසිපස් දෙනකු ඇතුළුව තුන්දහස් පන්සියකට වඩා නීත්‍යනුකූල නොවන අයුරින් හමුදාවෙන් ඉවත්ව ඇතැයි අනාවරණය වී ඇත.

ගත වූ පෙබරවාරි මාසයේ පමණක් නිලධාරින් දස දෙනකු සමග ත්‍රිවිධ හමුදාවේ එක්දහස් පන්සියයක් පමණ මෙලෙස ඉවත්ව ඇතැයි ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියකු මාධ්‍යට පැවසීය.

බ්‍රිගේඩියර්වරයකු ඇතුළු නිලධාරින් දහතුන් දෙනකු රාජකාරි අතරේ පුද්ගලික සංචාර ලෙස විදෙස්ගතවී හමුදාව අතහැර ගොස් ඇතැයිද හෙළිවී තිබේ.

මේ හේතුව නිසා මින් ඉදිරියට නව ගුවන් ගමන් බලපත්‍ර සකස් කිරීම හා ගුවන් ගමන් බලපත්‍ර අලුත් කිරීමට නම් ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ නිර්දේශ ලබා ගන්නැයි ආරක්ෂක අමාත්‍යාංශය ආගමන විගමන දෙපාර්තමේන්තුවට දන්වා ඇත.

පවතින ආර්ථික දුෂ්කරතා මත ණය මුදල් ගෙවා ගත නොහැකිවීම නිලධාරින්ට හා සෙසු නිලයන්ට තිබූ පහසුකම් කප්පාදු කිරීම ඇතුළු කාරණා හේතුවෙන් හමුදාව අතහැර යාමට පටන්​ගෙන ඇතැයි හෙළිවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *