පොලී අනුපාතය සහ විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට මහ බැංකුවට අවස්ථාව ලැබිය යුතු බවට මේ වන විට ප්‍රයෝගිකව ඔප්පුවී ඇති බව මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.
මහ බැංකු අධිපතිවරයා පැවසුවේ ශ්‍රී ලංකා මහ බැංකු පනත් කෙටුම්පත වෙනස් කිරීමට බලපෑ ප්‍රධාන හේතුව ද විනිමය අනුපාත පිළිබඳ ස්වාධීනව තීරණ ගැනීමේ අවශ්‍යතාවය බවයි දේශනයකයකට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළා.
පොලී අනුපාතය සහ විනිමය අනුපාතය සම්බන්ධයෙන් වන තීරණය ගත යුත්තේ දේශපාලනඥයින් නොවන බවත් එසේ එම තීරණය ජනතාව විසින් පත් කළ පිරිස් ගැනීමට කටයුතු කළහොත් ඔවුන්ට ගැනීමට සිදුවන්නේ නිවැරදි තීරණය නොව ජනප්‍රිය තීරණය බවයි මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ.
ඒ අනුව 2020/ 2021 වසරවල රජයේ බලපෑම මත බිලියන 6 ක සංචිත බින්දුවට වැටෙනතෙක් විනිමය අනුපාතිකය 203 පවත්වාගෙන ගිය බවත් පසුව එය අතහැර දැමූ බවත් ඉන් පසු මෙරට ආර්ථිකයට සිදුවූ බලපෑම සියලුදෙනාට දැකගත හැකිවූ බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේ.
එහිදීද විනිමය අනුපාතය ස්වාධීනව තීරණය කිරීමට කටයුතු කළේ නම් අද මෙවැනි තත්ත්වයකට පත් නොවන බවයි මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ වැඩිදුරටත් සඳහන් කළා.


