උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතු දින 22කට ආසන්න කාලයක් ප්‍රමාද වී ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසීය.
පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් මේ කටයුතු අඩාල වී ඇති බව ද හෙතෙම කීය.
විශ්වවිද්‍යාල අචාර්යවරුන් ඇතුළු සියලු ම විභාග පරීක්ෂකවරුන් සඳහා දීමනා වැඩි කරනු ලැබුව ත් මෙතෙක් ප්‍රමාණවත් ගුරුවරුන් පිරිසක් සහභාගි නොවූ බව ද ඔහු සඳහන් කළේ ය.
ගුරුවරුන් විභාග ප්‍රශ්න පත්‍ර පරීක්ෂාව සඳහා සහයෝගය ලබා දීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උසස් පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට ප්‍රමාද වන බවත් දරුවන්ගේ විශ්වවිද්‍යාල ප්‍රවේශයද ප්‍රමාද වන බව ත් ඔහු පැවසීය.
එසේ ම, සිය සංගමයේ ඉල්ලීම්වලට සවන් නොදෙන්නේ නම් තවදුරටත් පිළිතුරු පත්‍ර ඇගැයීම් කටයුතුවලට සම්බන්ධ නොවන බව ද විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති ශ්‍යාම් බැන්නැහක වැඩිදුරටත් පැවසුවේ ය.


