විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් රජයට අනතුරු ඇඟවීමක්,වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නවත්වයි.

බදු පැනවීම පිළිබඳ වත්මන් තත්ත්වය ගැඹුරින් සලකා බැලීමෙන් පසු හේතු 4ක් මත පදනම්ව අද (මාර්තු 16) දින උදෑසන 8.00 සිට දැනට ක්‍රියාත්මක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව නතර කිරීමට පියවර ගත් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කර තිබේ.

කෙසේ වෙතත්, ඉදිරි මාසවලදී වත්මන් බදු ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමට රජය විසින් ලබා දෙනු ලැබ ඇති සහතික පිළිබඳව තම සංගමය ඉතා සුපරීක්ෂාකාරී වන බව ත් ලබා දුන් සහතික අපේක්ෂිත ප්‍රතිඵල බවට පරිවර්තනය නොකළහොත් සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බව ත් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, අනවශ්‍ය රාජ්‍ය වියදම් අධීක්ෂණය කිරීමට තම සංගමය කැප වී සිටින අතර දේශපාලන හේතු මත අනවශ්‍ය හා අවිධිමත් ක්‍රියා කරමින් තම වියදම් වැඩි කිරීමට රජය පියවර ගන්නේ නම්, එයට විරෝධතා දැක්වීමට පසුබට නොවනු ඇති බව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *