මාධ්‍ය සාකච්ඡාව
2023.03.15
මේක ඉතිහාසයේ සිදු වෙච්ව දැවැන්තම, ඇත්තම පීඩාවට එරෙහිව මතුවන අරගලයක්.
මේ අරගලය කරන්නේ සාමාන්‍ය අරගල කරුවන් නොවන බවත්, සංවිධිත ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහක්තුල වැඩකරන නායකයෝ පිරිසක් බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා තේරුම් ගත යුතුයි.
අපි ලිච්චවී ප්‍රතිපත්තියට එකඟයි. අපි ජනාධිපතිතුමාට කියනවා. ඒක අයෙමත් කියවන්න. පස්වතාවක්වත් නැවත් කියවන්න. අපි සතියක කාලයක් දෙන්නම්, සාකච්චා කරලා විසාඳාගමු. හැබැයි වෘත්තීය සමිති වලින් කාලා, ඒකටම ගරහපු හාදයෝනම් අපේ සාකච්චා වලට ගේන්න එපා. ඒ අය හදන්නේ ආණ්ඩුවත් විකුණලා, අපිවත් විකුණාගෙන කන්න.
ලාල් කාන්ත කිව්වාට අපි අවශ්‍යවම මොහොතක අඛණ්ඩ වර්ජනයකට යන්න වුණත් පැකිලෙන්නේ නෑ. ඒක තීරණය වෙන්නේ ආණ්ඩුව අපිට උත්තර දෙන ක්‍රමය අනූවයි. සෞඛ්‍ය සේවාව වගේ එකකට කරමින් ඉන්න හානිය වගේ එකක් සැලකිවොත්, අපි මරාගෙන මැරෙන අරගලයකට වුණත් සූදානම්.
සෞඛ්‍ය සේවාව තුල සියළුම අංශ අද වර්ජනය කරනවා. රෝහල් හා සෞඛ්‍ය ආයතන 6400ක පමණ වර්ජනය දියත් වෙලා තිබෙනවා. වර්ජනය කරමින් අපි රෝගීන්ව රැක බලා ගන්න එකත් කරනවා. ඒනිසා ඔය වටේ ඉන්න පැන්ෂන් වෘත්තීය සමිති කාරයන් කියන උපදෙස් අරං, මර්ධය කරන්න ඇවිල්ලා මේක දික් කර ගන්න හදන්න එපා.
වර්ජනය හෙට උදෑසන නැවැත්වීමට අදාලව කිසිදු එකඟතාවයක් නැහැ. වර්ජනය අරමභ කරන ලද්දේ පැය 24ක කාල සීමාවක් සදහා පමණයි.
දින හතක් ඇතුලත විසඳුම් නොලදහොත් දීර්ග ක්‍රියාමාර්ගයක්!
රවී කුමුදේශ්
රාජ්‍ය හා අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති මධ්‍යස්ථානය
සභාපති
පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය


