සෞඛ්‍ය අමාත්‍යාංශය අපස්මාරය පෙති භාර ගැනීම ප්‍රතික්ෂේප කරයි

පෞද්ගලික සමාගමක් විසින් ආනයනය කරන ලද අපස්මාරය සඳහා භාවිත කරන පෙති කෝටි දෙකක් භාර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශය ඊයේ ( 13 වැනිදා) ප්‍රතික්ෂේප කර තිබේ.
රුපියල් කෝටි විස්සක් වටිනා මෙම පෙති භාර ගැනීම වෛද්‍ය සැපයීම් අංශය ප්‍රතික්ෂේප කර ඇත්තේ ඇසුරුමක නියමිත පෙති ප්‍රමාණය අඩංගු නොවීම නිසා ය. ඇසුරුමක පෙති දහයක් අන්තර්ගත විය යුතු වුවත් තිබී ඇත්තේ පෙති අටක් පමණි.
භාර ගැනීම ප්‍රතික්ෂේප කරන විට පෙති කෝටි දෙකම වෛද්‍ය සැපයීම් අංශයට ගෙනැවිත් තිබූ බවත් මෙම පෙති තොගය භාර ගන්නා ලෙස වෛද්‍ය සැපයීම් අංශයට ඊයේ සවස වන විට ඉහළ බලපෑම් එල්ල වෙමින් තිබූ බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කීවේය. මෙම පෙති තොගය ආනයනය කර ඇත්තේ ඖෂධ නිෂ්පාදනය කරන දේශීය සමාගමකිනි. මෙම පෙති නිෂ්පාදනය කර ඇත්තේ ඉන්දියානු සමාගමකිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *