හදිසි මිලදී ගැනීමක් ලෙස අවම මිලට ලබා ගත හැකි පිලිකා ඖෂධ තොගයක් ඉතා අධික මිල ගණන් යටතේ ලබා ගැනීමට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශය මගින් නිර්දේශ ලබා දී ඇත.
සෞඛ්‍ය අමාත්‍යංශ ප්‍රසම්පාදන මාර්ගෝපදේශවලට පටහැනි මාර්ගෝපදේශයක් ප්‍රථම වරට මෙම ඖෂධ වලට අද්දලව ඉදිරිපත්කර ඇති අතර එම මාර්ගෝපදේශ සපුරා ඇති එක් ආයතනයකට පමණක් ටෙන්ඩර් ලබා දීමට නිර්දේශ කර ඇත.එම මාර්ගෝපදේශය ඉදිරිපත් කර ඇත්තේ එම ආයතනයේ අවශ්‍යතාවයට බව ආරංචි මාර්ග සඳහන් කරයි.එම ආයතනයට ලබා දීමට නියමිත ටෙන්ඩර් වටිනාකම රුපියල් කෝටි දෙකකට අධිකය.
මීට පෙර ඩොලර් තුනකට ගෙන්වූ ඖෂධ වර්ගයක් මෙවර රුපියල් තිස් එක්දහසකට මිලකට ගෙන්වීමට නිර්දේෂ කර ඇති අතර එය වෙළඳපොලේ රුපියල් තුන්දහසකට මිලදී ගත හැකි බව ආරංචි මාර්ග සඳහන් කරයි.
ඇතැම් ඖෂධ වර්ග සඳහා එක් එක් ආයතන ඉදිරිපත් කර ඇති මිල ගණන් අතර විශාල පරතරයක් පවතියි.ටෙන්ඩර් ලබා දීමට නිර්දේශ කර තිබෙන ආයතනය රුපියල් හතලිස් නවදහසකට නියම කර ඇති ඖෂධය තවත් ආයතනයක් රුපියල් අටදහස් පන්සීය අසූ හතරක් වැනි අඩු මිලකට නියම කර ඇත.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය රජයට ලබා දුන් රුපියල් කොටි 300ක මුඅලින් රුපියල් කොටි 10ක් පමණ මෙම ඖෂධ මිලදී ගැනීමට යෙදවීමට තීරණය කර ඇත.ඖෂද වර්ග 43ක් වෙනුවෙන් ටෙන්ඩර් කැඳවා ඇත.
කෙසේ වෙතත් මේවා නිර්දේශ පමණක් වන අතර අවසන් තීරණය ඇත්තේ ටෙන්ඩර් මණ්ඩලයේ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් විශේෂඥ්ඥ වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය.


