සමාජ මාධ්‍යයෙන් ණය අරන් අනාථවෙලා

සමාජ මාධ්‍ය හරහා ක්ෂණයකින් පෞද්ගලික ණය ලබාදීමේ අලුත් ක්‍රමවේද හේතුවෙන් විශාල වශයෙන් ජනතාව එවැනි ආයතනවලට හසුවී අධික ලෙස ණයවලට ගොදුරු වී ඇති බව පොලීසිය සඳහන් කරයි.

අධික පොලියට දින දෙකක් තුළ ලබාදෙන ණය නිසා ඇතැම් පුද්ගලයන්ගේ දේපළ පවා අහිමි වී ඇති බවට තොරතුරු සහ පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.

පොලියට පොලිය අය කිරීමේ ක්‍රමය නිසා ඇතැම් පිරිස් සියදිවි නසාගැනීමට පවා උත්සාහ ගෙන ඇති බව පොලීසිය පවසයි. ඒ නිසා එවැනි පිරිස් වෙත හසුනොවන ලෙසද සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *