පුංචි ඡන්දය ගැසට් කරයි – තැපැල් ඡන්ද පත්‍රිකා 15දාට ඉල්ලයි

පළාත් පාලන මැතිවරණය අප්‍රේල් 25 දින පැවැත්වෙන බවට වන අති විශේෂ ගැසට් නිවේදනය පසුගිය 8 වැනිදා නිකුත් කළ බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නායක මහතා දේශයට පැවසීය. පළාත් පාලන මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකාද මාර්තු 15 වැනිදා වනවිට මැතිවරණ කොමිසමට ලබා දෙන ලෙසට රජයේ මුද්‍රණාලයාධිපතිනිය වෙත කොමිසම ලිඛිතව දැනුම් දී ඇති අතර ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලයාධිපතිනිය සිය එකඟතාවය පළ කොට ඇතැයිද අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.

මීට පෙර මුද්‍රණාලයාධිපතිනිය උපුටා දක්වමින් ජනමාධ්‍ය වාර්තා කළේ මැතිවරණ දිස්ත්‍රික්ක 23න් මැතිවරණ දිස්ත්‍රික්ක 17ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කොට ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *