ප්‍රවාහන පහසුකම් ලබා දෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් අතවරයට

ප්‍රවාහන පහසුකම් ලබා දෙන මුවාවෙන් 18 හැවිරිදි තරුණියක් ලොරි රථයට නංවාගෙන පැහැරගෙන ගොස් වාද්දුව පාලු වත්තකදී වරින් වර දූෂණයට ලක් කළ බව කියන ලොරි රථ රියැදුරකු සහ තවත් පුද්ගලයකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය කියයි.
අතවරයට පත් තරුණිය කළුතර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත.
පානදුර ප්‍රදේශයේ වෙළඳසැලක සේවය කරන තරුණිය සේවය නිමවා රාත්‍රී නිවසට යමින් සිටියදී කුඩා ලොරි රථයක් ඇය අසල නවතා හැඳුනුම්කමක් පෙන්වා ඉතා සූක්ෂම ලෙස ලොරියට නංවාගෙන මෙම අපරාධය සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
ලොරිය පින්වත්ත දෙසට ගමන් කිරීමේදී තමන්ට බැසීමට අවශ්‍ය බවට තරුණිය පැවසුවත් ලොරිය වාද්දුව ප්‍රදේශයේ පාළු වත්තකට රැගෙන ගොස් ඉදිරිපස අසුනේ තරුණියව තබාගෙන ලොරි රියදුරු සහ අනෙක් පුද්ගලයා වරින් වර දුෂණයට කළ බව තරුණියගේ ප්‍රකාශයකින් අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.
එම තරුණිය මිත්තණියගේ සෙවනේ හැදී වැඩෙන අතර මව බන්ධනාගාර ගතව ඇතැයිද මවගේ තෙවන සැමියා වන සුළු පියාද මත්කුඩු චෝදනාවක් හේතුවෙන් බන්ධනාගාර ගතව ඇතැයිද උසස් පොලිස් නිලධාරියෙක් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *