පොළොන්නරුවේ ගොවීන් ගෙන් ජනපති රනිල්ට “රන් වී කරල”

ආර්ථික අර්බුදය හමුවේ වුවද ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි වේලාවට ලබාදීම සම්බන්ධයෙන් පොළොන්නරුව ගොවීයෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය ප්‍රසාදය පළ කළහ.

පොළොන්නරුව මින්නේරිය ප්‍රදේශයේ පසුගිය 02 දින පැවති උත්සවයකට සහභාගි වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහව හමුවූ පොළොන්නරු දිස්ත්‍රික් ගොවිජන සංවිධානයේ සභාපති ආනන්ද රාජපක්ෂ ප්‍රමුඛ ගොවීන් මෙලෙස සිය සංගමයේ ප්‍රසාදය ජනාධිපතිවරයා වෙත පළ කර සිටියේය.

ගොවි ජනතාව වෙනුවෙන් ඉටුකළ එම මෙහෙවර අගයමින් “රන් වී කරල” නමින් වූ උපහාර තිළිණය ජනාධිපති රනිල් වික්‍රමසිංහට පිළිගැන්වීම ද මෙහිදී සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *