ජපාන තානාපති කාර්යාලයෙන් ජාතික රෝහලට MRI යන්ත්‍රයක්!

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය විසින් MRI යන්ත්‍රයක් ශ්‍රී ලංකාවේ ජාතික රෝහලට භාර දුන් බව තානාපති කාර්යාලයේ නිවේදනයක දැක්වේ.

ජපානය මීට පෙර CT ස්කෑනරයක් සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ජාතික රෝහල වෙත පසුගිය ඔක්තෝම්බර් මාසයේදී භාර දුන් බවද තානාපති කාර්යාලය පවසයි.

මෙම වෛද්‍ය උපකරණ ශ්‍රී ලංකාව තුළ රෝග විනිශ්චය කිරීමේ හැකියාවන් දියුණු කිරීමෙහිලා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

“මෙම අති නවීන උපකරණ සමඟින්, අපි ජාතික රෝහලේ වෛද්‍ය හැකියාවන්හි වැඩි නිරවද්‍යතාවයක් සහ කාලෝචිත බවක් අපේක්ෂා කරමු. මෙම සිදුවීම ජපානය සහ ශ්‍රී ලංකාව අතර චිරස්ථායී හවුල්කාරිත්වයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් රට තුළ සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම සඳහා ජපානයේ නොසැලෙන කැපවීම යළිත් තහවුරු කරයි.” යනුවෙන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *