කුරුවිට ප්‍රදේශයේ පුද්ගලයකු පහර දී ඝාතනය කරයි

කුරුවිට, කොක්ඕවිට ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහරදී ඝාතනය කර තිබේ. 

පොලිසිය සඳහන් කළේ,  පුද්ගලයෙකු පැහැරගෙන ගොස් නිවසක් තුළ සිරකර  පහර දෙන බවට ලද පැමිණිල්ලක් මත කළ පරීක්ෂා කිරීමේදි තුවාල ලබා සිටි පුද්ගලයා නිවස අසල කෑළෑවක දමා ගොස් සිටියදී සොයාගත් බවයි

අනතුරුව ඔහු රත්නපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ. 

මියගොස් ඇත්තේ 32 හැවිරිදි කොක්ඕවිට ,පරකඩුව ප්‍රදේශයේ පදිචිකරුවෙකි. 

පුද්ගලික අමනාපයක් මත යකඩ පොල්ලකින් පහරදි ඝාතනය සිදුකර ඇති බවට අනාවරණ වී තිබේ. 

පොලිසිය සඳහන් කළේ, සැකකරුවන් ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *