ඉදිරි ජනාධිපතිවරණය ගැන සජබෙ තීරණය මොකක්ද?…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වුවහොත් සමඟි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහයෝගය දීම සඳහා එක්වන බවට වාර්තා වනවා.

සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ එක්ව ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවිය යුතුය යන ස්ථාවරයේ සිටින මන්ත්‍රීවරුන් පිරිසක් මෙම තීරණයට එළඹ ඇතැයි පැවසෙනවා.

මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගිය දා රාත්‍රියේ නුගේගොඩ පිහිටි සජබ මන්ත්‍රීවරයකුගේ නිවසේ පවත්වා ඇති බව ද බවද දැනගන්නට තියනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට ඉදිරි කාලය තුළ ඒ බව දැනුම් දීමට ද මෙහිදී යෝජනා වී ඇතැයි ද වාර්තා වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *