නවක වදය ගැන දැනුම් දීමට දුරකථන අංකයක්!

ලංකාව පුරා ඇති සියලුම විශ්වවිද්‍යාල වල නවක වදය ගැන පැමිණිලි කිරීමට නව දුරකථන අංකයක් හදුන්වා දී ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පැය 24 පුරා මෙම දුරකතන අංකය ක්‍රියාත්මක බවයි.

076 54 53 454 යන දුරකතන අංකයට WhatsApp පණිවුඩයක්, වීඩියෝ දර්ශන හෝ ඡායාරූප යොමු කළ හැකියි.

1997 යන කෙටි දුරකතන අංකයටත් මේ සම්බන්ධව දැනුම් දීමේ හැකියාව පවතින බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *