අද (12) දින රට පුරා දිස්ත්‍රික්ක ගණනාවක රෝහල්වල වෛද්‍යවරු නිහඬ විරෝධතා මාලාවක් පැවැත්වීමට නියමිත බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
ඒ, වෛද්‍යවරුන් රට හැර යාම හේතුවෙන් ඇති වී ඇති බලපෑම සඳහා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමිනි.
එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, රෝහලේ ප්‍රතිකාර සේවාවන්වලට බලපෑමක් නොවන පරිදි මෙම විරෝධතා මාලාව පැවැත්වෙන බවයි.
දහවල් 12.00 සිට 2.00 දක්වා මෙම විරෝධතා මාලාව පැවැත්වේ.


