විශ්ව විද්‍යාල අයදුම්පත් කැඳවීම ලබන 14 වනදා සිට…

2022/23 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් 45,000ක් විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමට නියමිත බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව සැප්තැම්බර් මස 14 වන දින සිට මේ සඳහා අයදුම්පත් කැඳවීම සිදු කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග සඳහන් කළේ.

අයදුම්පත් සහිත අත්පොත මේ වනවිට අවසරලත් පොත් සාප්පුවලින් ලබාගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *