උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුන තුළ නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
ඒ අනුව උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මෙවර කෙටි කාලයක් ඇතුළත නිකුත් කිරීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.
එසේම මීළඟ උසස් පෙළ විභාගය පැවැත්වීමේ දිනය වෙනස් කිරීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි ද බණ්ඩාරවෙල පැවති උත්සවයකට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
එසේ වෙනස් කිරීමක් සිදුවුවහොත් යළිත් වරක් ලබන වසරේ විභාග කල් දැමීමට සිදුවන බවයි අධ්‍යාපන අමාත්‍යයරයා වැඩිදුරටත් සඳහන් කළේ.


